තායිලන්ත අග්‍රාමාත්‍ය යිංලක් සිනවාත්රා මහත්මිය ඇතුළු දූත පිරිසක් දෙදින නිල චාරිකාවක් සදහා විශේෂ ගුවන්යානයකින් අද දිවයිනට පැමිණියහ.
ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ පරියන්තයේදී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් අග්‍රාමාත්‍යවරිය ඉතා උණුසුම් අන්දමින් පිළිගත්තේය.
එහිදී ඇය ස්වර්ණමය පුස්තකයෙහි අත්සන් තැබුවාය.
සිනවාත්රා මහත්මිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග ද්විපාර්ශවික සාකච්ඡා වලට සහභාගි වීමට නියමිත අතර දෙරට අතර ගිවිසුම් කීහිපයකටද අත්සන් කිරිමට නියමිතය.
අද සවස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමෙන් පසුව ඇය මහනුවර බලා ගොස් මල්වතු අස්ගිරි මහානායක හිමිවරු බැහැ දැකීමට නියමිතය.