තාප්පයෙන් පනින් ගිහින් තාප්පයටම යටවේ


(කේ. බුද්ධික කුමාරසිරි)

අතුරුගිරිය ඔරුවල ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක තාප්පයෙන් පැනීමට යාමේදී තාප්පය කඩා වැටීමෙන් තාප්පයටම යටවී පුද්ගලයකු අද (17) දින අළුයම මියගොස් ඇතැයි අතුරුගිරිය පොලිසිය පවසයි.

මියගිය පුද්ගලයා අදාල කර්මාන්ත ශාලාවේම රැකියාවේ නිරත පුද්ගලයකු බවත් අළුයම් කාලයේදී තාප්පයෙන් පැන කර්මාන්ත ශාලාවට ඇතුළුවීමට යාමේදී මෙම අනතුර සිදුව ඇති බවත් පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ රැවන්වැල්ල හුඹස්වෙල ජනපදය පදිංචිකරුවකු වන 24 හැවිරිදි පුද්ගලයෙකි.