තානාපතිවරු හත් දෙනෙක් අක්තපත්‍ර බාර දෙති


(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව සිටින තානාපතිවරු හත් දෙනෙක් අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් සිය අක්තපත්‍ර බාර දුන්හ.

ආජන්ටිනා ජනරජය (Argentine Republic) සිම්බාබ්වේ ජනරජය (Republic of Zimbabwe), ඊශ්‍රායලය (Israel), පිලිපීන ජනරජය (Republic of the Philippines),ටජිකිස්තාන ජනරජය (Republic of Tajikistan), කාම්බෝජ රාජධානිය (Kingdom of Cambodia) සහ ඩෙන්මාර්ක් රාජධානිය (Kingdom of Denmark) සඳහා නව තානාපතිවරු පත්ව සිටිති.

අද දින අක්තපත්‍ර භාර දුන් තානාපතිවරුන් මෙසේය.

01. Mr. Mariano Agustin Caucino

මාරියානෝ අගුස්ටින් කව්චිනෝ මහතා - නවදිල්ලියේ වාසික ආජන්ටිනා ජනරජයේ තානාපති

02. Ms. Stella Nkomo

ස්ටෙලා න්කොමෝ මහත්මිය - නවදිල්ලියේ වාසික සිම්බාබ්වේ ජනරජයේ තානාපති

03. Mr. Reuven Javier Azar

රූවෙන් හවීයර් අසාර් මහතා - නවදිල්ලියේ වාසික ඊශ්‍රායල තානාපති

04. Ms. Nina P. Cainglet 

නිනා පී. කයින්ග්ලට් මහත්මිය - ධකාහි වාසික පිලිපීන ජනරජයේ තානාපති

05. Mr. Lukmon Bobokalonzoda

ලුක්මොන් බොබොකලොන්සෝඩා මහතා - නවදිල්ලියේ වාසික ටජිකිස්තාන ජනරජයේ තානාපති

06. Ms. Rath Many

රත් මැනි මහත්මිය - නවදිල්ලියේ වාසික කාම්බෝජ රාජධානියේ තානාපති

07. Mr. Rasmus Kristensen

රස්මස් ක්‍රිස්ටෙන්සන් මහතා - නවදිල්ලියේ වාසික ඩෙන්මාර්ක් රාජධානියේ තානාපති

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුද එම අවස්ථාවට එක්ව සිටියහ.