තානාපති කුරේ ක්‍රිකට් ක්‍රීඩකයන් හමුවෙයි


ලබන වසරේ පවත්වන 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීම සදහා ඉතාලි ජාතික ක්‍රිකට් කණ්ඩායම ලබන ඉරිදා (10) එක්සත් ආරාබි එමිර් රාජ්‍ය බලා පිටත්වීමට නියමිතය.

 ඉතාලි ජාතික ක්‍රිකට් කණ්ඩායම සදහා ශ්‍රි ලාංකික ක්‍රිඩකයින් හත් දෙනකු ක්‍රීඩා කරන   අතර උප නායක  හා උප පුහුණුකරු වශයෙන් කටයුතු කරන්නේ ද ශ්‍රි ලාංකිකයන් දෙදෙනෙකි.

මේ පිළිබඳව ලංකාදිප එසෑණ වෙබ් අඩවියේ පළ කිරිමත් සමග තමන් පිළිබඳව ලෝකය පුරා ඇති ශ්‍රි ලාංකික වෙබ් මාධ්‍යයන් මගින් කතබහට ලක් වු බව ඉතාලි   ක්‍රිකට් කණ්ඩායමට ක්‍රිඩා කරන ක්‍රිඩකයින් කිහිපදෙනෙකු  පැවසීය.

ඔවුන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලා යෑමට මත්තෙන් ලබන සෙනසුරාදා (09) සවස රෝමයේ නව තානාපති බෙනට් කුරේ මහතා ඔහුගේ නිල නිවසේදී ඉතාලි ජාතික ක්‍රිකට් කණ්ඩායම  තේ පැන් සංග්‍රහයකට සහභාගී වීමට නියමිතය.

‘ඇත්තෙන්ම ඉතාලිය තුල ක්‍රිකට් හැකියාවන් ඇති ඉංදීයා හා පකිස්ථාන ක්‍රිඩකයින් සිටිනවා. අපේ රටේ අපේ දරුවෝ හත් දෙනෙක් ඉතාලි කණ්ඩායමට සෙල්ලන් කරනවා කියා දැනගත්තාම මට හරි සතුටක්  ඇති වුණා. ඔවුන්ට ලෝක කුසලාන තරගාවලිය සදහා සුදුසුකම් ලබන්න හැකිවෙවා කියා මම ප්‍රාර්තනා කරනවා.‘ යැයි  තානාපති බෙනට් කුරේ මහතා එසේ පැවසීය.

ලබන 15 වැනිදා එමිර් රාජ්‍යයේ දී ආරම්භ වන තරගාවලිය සදහා ටෙස්ට් වරම් නොමෑති රටවල් 16ක් ක්‍රිඩා කරති.