තාත්තාත් මරයි : සප්ත කන්‍යා ගුහාවේ දී කන්‍යාවක් කෙලෙසයි


2009 වසර මැද දී නොර්ටන්බ්‍රිජ් හී එ.ජි.සෙල්ලයියා මරා දමා ඔහුගේ දියණිය සප්ත කන්‍යා කඳුවැටියට  රැගෙන ගොස් ගල් ගුහාවක දී  දුෂණය කළ සහෝදරයන් තිදෙනෙකුට නුවරඑළිය මහාධිකරණ විනිසුරු සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා මරණ දඩුවම නියම කළේය.

තිසේරා කමලදාස් , අයි මහින්ද කුමාර හා  අයි මොහාන් රාජ් වැරදිකරුවෝ වුහ. තෙවැනි විත්තිකරු මොහාන් රාජ්ට දහඅට වසරක සිරදඬුවමක් ද නියම කළ විනිසුරු පැමිණිලිකාරියට රුපියල් පනස්දහසක වන්දියක් ද උසාවියට රුපියල් විසිපන්දහසක දඩයක් ද ගෙවන ලෙස නියෝග කළේය.