තාත්තාගේ නඩුවට හිරුනිකා අදත් උසාවියේ


මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ වෘත්තීය සමිති උපදේශකයකුවූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා සහ තවත් තිදෙනකු කොළොන්නාවේදී ඝාතනය කිරීමේ නඩුව අද (22) කොළඹ මහාධිකරණයේදී විභාගයට ගැනිණි.

එහි සැකකරුවකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාද උසාවි පැමිණියේය. ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය හිරුනිකා ප්‍රේමචන්ද්‍ර බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනියද අධිකරණයට පැමිණියාය.

පැමිණිල්ල මහාධිකරණයට කියා සිටියේ පැමිණිල්ලේ දසවැනි සාක්කිකරුවන ගලබඩට සිතාසි බාරදීම සඳහා ඔහු සොයාගත නොහැකි බවයි.

ගලබඩ මෙම සිද්ධියේ වෙඩි තැබීම දුටු බව කියන ප්‍රධාන සාක්කිකරුවෙකියි කියති. ඔහුව නොමැතිව නඩුව විභාග කරන්නැයිද පැමිණිල්ල මහාධිකරණ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන්ගෙන් ඉල්ලා සිටියේය.

ගලබඩ නමැත් සාක්කිකරු නොමැතිව නඩුව විභාග කරගෙන යනවාද නැද්ද තීරණය කිරීම සඳහා ජූනි 11 තෙක් නඩුව කල් තැබිණි.

2f789d25b4b037851b31171ba1c4c20defde1c0abfdf44200d5c2c1a48f9d0e6 9bad770987d652278d38b8e372f44faa5965f490afd1586f009cdd2181f61047 88f2defe7c6e0c53d80922ee55e39716792e605667d3e2cf1eb29ce13caefb38 83933fc69396d8779fb6df22c3049696f3ddd7c11fcd9c205ba31a33004a82aa a4a7ea3d2d83ab21a6c477d7882781138f5759a9a59c821b4219f3a869957396 f1c974bf0a42ab404e638f71f308f6a5e92a6773cc9e2c218ae66a41e3da7c05

IMG_6651