(මලිත් රාජපක්ෂ)
කන්තලේ පරාක්‍රම මාවත දුමිරිය හරස් මාර්ගය අසලදි පියෙකු හා දියණියක් ඊයේ (06) රාත්‍රි 8.30 ට පමණ ත්‍රිකුණාමලය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වු රාත්‍රි තැපැල් දුම්රියේ හැපී මියගොස් ඇති බව කන්තලේ පොලිසිය පවසයි.
මේ වන විට මියගිය අයගේ මළ සිරුරු කන්තලේ මුලික රෝහලේ මෘත ශරීරාගාරය වෙත ගෙන ගොස් ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ පේරාරු 02 කන්තලේ හි පදිංචි ගනේසලින්ගම් තිර්‍රුවේන්ද්‍රන් නැමැති 38 හැවිරිදි පුද්ගලයෙකු හා තිරුවේන්ද්‍රන් කනා නැමැති වයස අවුරුදු 06 ක ඇගේ එකම දියණිය බව කන්තලේ මුලික රෝහලේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.
සිද්ධිය පිළිබද කන්තලේ මුලස්ථාන පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

