හිටපු රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනයේ තොරතුරු වසන් කළැයි සැකපිට නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් චම්පික පෙරේරා සැකපිට අත්අඩංගුවට ගත් බව රහස් පොලිස් ආරංචි කියයි.
තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ සාක්කි වසන් කළැයි කියන සිද්ධියක් ගැන රහස් පොලිසිය මීට පෙර මොහුගෙන් ප්‍රශ්න කර තිබිණි.
අත්අඩංගුවට ගත් හිටපු ස්ථානාධිපතිවරයා බ්‍රහස්පතින්දා (21) කොළඹ අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.