තාක්ෂණික නිලධාරියා දුරකතන කුලුනෙන් වැටී මරුට


 

(සිතුම් චතුරංග)

 වවුනියාව මහරම්භකුලමේදි දුරකථන කුළුණක් ගලවා පිළිසකර කිරීමට ගිය තාක්ෂණික නිලධාරියකු ඊයේ (01) එම කුළුණමතින් අ‍ැදවැටී මියගොස් අ‍ැතැයි වවුනියාව පොලිසිය කියයි.

පෞද්ගලික සමාගමකට අයත් මීටර 50 පමණ උස දුරකථන කුළුණක කොටස් ගලවමින් සිටියදී තාක්ෂණික නිලධාරියා ඉන් අ‍ැදවැටී අ‍ැතැයිද පැවසීය.

එලෙස මියගොස් අ‍ැත්තෙ මහගිරිල්ල, නිකවැරටිය පදිංචි එච්. එම්. සුදේශ් චතුරංග හේරත් නැමති 30 හැවිරිදි තරුණයකි.

සේවකයින් සමඟ දුරකථන කුළුණට නැග කොටස් කිහිපයක් ගලවමින් සිටියදී ගැලවූ කොටස් සහිත බෑගයක් සමග මියගිය පුද්ගලයා බිමට අ‍ැදවැටී අ‍ැති බවයි.