තාක්ෂණ සිසුවාට ගැසීයැයි වාස් පවුලටම නඩු


මාලබේ තොරතුරු තාක්ෂණ ආයතනයේ සිසුවකු වූ නිපුණ රාමනායක 2009 අගෝස්තු මාසයේ දී පැහැරගෙන ගොස් පහර දුන්නේයැයි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන, බිරිය ශ්‍යාමලී ගුණවර්ධන සහ පොලිස් නිලධාරීන් පස් දෙනකුට අද කොළඹ මහාධිකරණයේ දී අධිචෝදනා බාර දුන්නේය.

වාස් ගුණවර්ධන සහ රවිඳු දැනට බන්ධනාගාර ගතව ඇති බැවින් ඔවුන්ට ඇප හිමි නොවූ අතර සෙසු සැකකරුවනට රුපියල් පනස් දහසක මුදල් හා පන්ලක්ෂයේ ශරීර ඇප දෙක බැගින් නියම කළ මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක ගුණතිලක මහත්මිය නඩු විභාගය පෙබරවාරි හය හත සහ අට වැනිදා පැවැත්වීමට නියම කළාය.