මොරටු සරසවියේ ඉංජිනේරු පීඨයේ සිසුනට පහර දුන්නැයි සැකපිට ජාතික තාක්ෂණ ඩිප්ලෝමා සිසුන් දෙදෙනකු රිමාන්ඩ් පත් කළ මොරටුව මහේස්ත්‍රාත් බී.ඒ.ආර්. සෝමසිංහ මහතා ඔවුනට ආධාර හා අනුබල දුන්නැයි කියන සනුජ උදාර කරුණාරත්න නම් තරුණයෙක් ශරීර ඇප මත මුදා හරිණු ලැබීය. පොලිසිය අධිකරණයට දැන්වූයේ සිසුන් දෙදෙනා හඳුනා ගැනීමෙ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට ඇති බවයි. තවත් සැකකරුවන් 15 දෙනකු අත්අඩංගුවට ගැනීමට ඇතැයි ද පොලිසිය අධිකරණයට දැන්වීය. මෙම ගැටුමෙන් සරසවියට රුපියල් දස ලක්ෂයක අලාභයක් සිදුව ඇතැයි පොලිසිය කියා සිටියේය.

