තාක්ෂණ දැනුමෙන් ශ්‍රී ලංකාව පස්සට


ගෝලීයකරණ තොරතුරු තාක්ෂණ දැනුමැති රටවල් පිළිබඳව කරන ලද වර්ගීකරණයට අනුව, රටවල් 144ක් අතරින් ශ්‍රී ලංකාව 68 වන ස්ථානය හිමිකරගෙන සිටියි. ජගත් ආර්ථික සංසදය මේ තරඟය සංවිධානය කළේය. පසුගිය වසරේ ශ්‍රී ලංකාව 52වන ස්ථානයට පත්ව සිටියේය.

ගෝලීයකරණ තොරතුරු තාක්ෂණ දැනුමැති සුපිරි රටවල් දහය පිළිවෙලින් ස්විට්සර්ලන්තය , සිංගප්පූරූව , ෆින්ලන්තය , ස්වීඩනය , නෙදර්ලන්තය , ජර්මනිය , ඇමරිකාව , එංගලන්තය , හොංකොං සහ ජපානය යි.