ත්‍රී‘මලෙන් ඉපැරණි ගෙඩිගෙයක් හමුවෙයි ?


සේරුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ආවරණය වන පරිදි සිදුකළ පුරාවිද්‍යා ගවේෂණයකදී ඉපැරණි ගෙඩිගෙයක ලක්ෂණ සහිත ගරා වැටුණු ගොඩනැගිල්ලක් සිරිමංගලපුර වන සංරක්ෂිත කලාපයෙන් හමුවූ බව ත්‍රිකුණාමලය පුරා විද්‍යා සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්.එච්.ඒ.සුමනදාස මහතා පවසයි.

එය අනුරාධපුර යුගයේ අවසන් කොටසට හා පොළොන්නරු යුගයේ මුල් කාලයට අයත් බව කියති. එම ප්‍රදේශය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ලේඛනගත කිරීමට කටයුතු කරන බවද සුමනදාස මහතා සඳහන් කරයි.

DSCN1943 IMG_2016 IMG_2017