ත්‍රීරෝද රථ පාලනය සඳහා අදාළ නීති ක්‍රියාත්මක කිරීමට නියෝග කරන ලෙස ඉල්ලා සමස්ත ලංකා ත්‍රීරෝද වෘත්තීය සංගමය අභියාචනාධිකරණයේ ගොනු කර තිබූ පෙත්සමක් එම සංවිධානය විසින්ම ඉල්ලා අස් කර ගනු ලැබීය.
මේ සම්බන්ධයෙන් නව ගැසට් නිවේදනයක් ක්‍රියාත්මක කරන බව ප්‍රසිද්ධියක් ඇති බැවින් පෙත්සම ඉල්ලා අස්කර ගන්නා බව එම සංවිධානය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම පෙත්සම අභියාචානාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ සහ එස්.තුරෙයිරාජා යන මහත්වරුන් ගෙන සමන්විත අභියාචානාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.

