ත්‍රීරෝද රියේ හැපී කාන්තාවක් මරුට


සුමතිපාල දීයගහගේ 
 
කතරගම සෙල්ලකතරගම පාරේ ගම්උදාව හන්දියේ දී ත්‍රී රෝද රථයක හැපීමෙන් බරපතල තුවාල ලැබූ කාන්තාවක මිය ගොස් ඇතැයි කතරගම පොලිසිය පවසයි.

මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ කතරගම රජ මාවත පදිංචිව සිටි ලියනආරච්චිගේ දොන් මදුරලතා නැමැති 73 හැවිරිදි  කාන්තාවකි. 

මෙම කාන්තාව මාර්ගය අයිනේ පා ගමනින් යමින් සිටින විට ත්‍රී රෝද රථයේ හැපීමෙන් පසුව කතරගම රෝහලට ඇතුළත් කර තිබේ.

පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා දෙබරවැව රෝහලට ඇතුළු කිරීමෙන් පසුව තුවාලකාරිය මිය ගොස් ඇත.