ත්‍රීරෝද රියේ ඇතුළේ කණ්ණාඩි භයානකයි


ත්‍රීරෝද රියක ඇතුළේ කණ්ණාඩි සවි කර ඇත්නම් කාන්තාවන් එවැනි ත්‍රීරෝද රථවලින් ගමන් නොකරන ලෙස මතුගම පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක පී ලුඩොවයික් මහතා උපදෙස් දෙයි.

ත්‍රීරෝද රියක් ඇතුළේ කණ්ණාඩි සවි කරනුයේ රියදුරාට කාන්තාවන්ගේ අඟ පසඟ බලා ගැනීමට බව ඔහු කියයි.

මෙවැනි ත්‍රීරෝද රථ 19ක් මතුගමින් සොයා ගත් බවත්, ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය කියයි.

ත්‍රීරෝද රථයේ දෙපැත්තේ කණ්ණාඩි දෙකක් හා මැදින් කණ්නාඩියක් තිබීම ප්‍රමාණවත් බවත් පොලිසිය පවසයි.