ත්‍රී රෝද හොරා අල්ලයි


සපුගස්කන්ද හා මරදානේදී ත්‍රී රෝද රිය සොරකම් කර ඉතා අඩු මිළට විකුණන බව  කියන පුද්ගලයෙක් මිරිහාන අපරාධ අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ත්‍රී රෝද රිය දෙකක් සහ  අමතර කොටස් ද සොයාගත් බවත් ඔහු ත්‍රී රෝද රිය 4 ක් පමණ සොරකම් කර ඇතැයිද පොලීසිය කියයි.

එකක් රුපියල් තිස්පන්දහසකට විකුනා ඇතැයිද මොහු කුඩු වලට ඇබ්බැහි වූ පුද්ගලයෙක් බවද පොලිසියට තොරතුරු ලැබී ඇත.