ත්‍රී රෝද රිය කන්ටේනරයේ හැපී චප්පවේ


පිළියන්දල බෝකුන්දර දී ත්‍රී රෝද රියක් කන්ටේනරයක හැපී ගාල්ලේ වංචාවල කාන්තාවක් මියගොස් පස් දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බව පොලීසිය කියයි. නෑයකුගේ දියණියකගේ මල්වර මගුලට ඇවිත් ආපසු ගාල්ලට යමින් සිටියදී මෙම අනතුර සිදුවිය. තුවාල ලැබූ පිරිස අතර අවුරුද්දක දරුවකු ද සිටියි.