ත්‍රිකුණාමල මහ දිසාපති මේජර් ජනරාල් රංජිත් ද සිල්වා වෙනුවට වෙනත් දිසාපතිවරයකු පත් කරන්නැයි ත්‍රිකුණාමල නගරයේදී සිංහල,දෙමළ හා මුස්ලිම් වැසියෝ අද (29) උද්ඝෝෂණයක් කළහ.
මහජනයාට ‘අයිසේ ,තමුසේ‘ යනුවෙන් නොඅමතන දිසාපතිවරයකු ඕනෑ යැයි ඔවුහු කියති.
තමාට එරෙහි සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බව මහ දිසාපති රංජිත් සිල්වා මහතා කියයි.
මෙම උද්ඝෝෂණය පිටු පස රජයට එරෙහි කුමන්ත්‍රණකාරී වැඩ පිළිවෙළක් ඇතැයි ඔහු කියයි.



