
(අංජුල මහික වීරරත්න)
ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහල් පරිශ්‍රයේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකයක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහල සඳහා හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකයක් ඉදිකිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව 2017 වර්ෂයේදී ප්‍රදානය කර ඇති නමුත්, කොන්ත්‍රාත්කරුගේ දුර්වල ප්‍රගතිය හේතුවෙන් 2019 වර්ෂයේදී එකී කොන්ත්‍රාත්තුව අවලංගු කිරීමට කටයුතු කර ඇත. කොන්ත්‍රාත්තුව අවලංගු කරනු ලැබූ අවස්ථාව වන විට ගොඩනැගිල්ලේ වහලය දක්වා ඉදිකිරීම් කටයුතු නිම කර තිබූ බැවින්, එහි ඉතිරි ඉදිකිරීම් කටයුතු හැකි ඉක්මණින් අවසන් කිරීම වඩාත් යෝග්‍ය බව හඳුනාගෙන තිබේ. ඒ අනුව, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහල් පරිශ්‍රයේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකයේ එම ඉදිකිරීම් කටයුතු නිම කිරීම සඳහා සුදුසු කොන්ත්‍රාක් කරුවකු තෝරා ගැනීම පිණිස නව ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීම සඳහා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

