
(අමදෝරු අමරජිව)
ත්‍රිකුණාමල මධ්‍යම මාළු වෙළෙද සංකීර්ණයේ සේවය කල 06 දෙනෙකුට කොවිඩ් 19 වයිරසය ආසාදිණය වී ඇති බව ප්‍රාදේශිය වසංගත රෝග ඒකකය සොයා ගැනිමත් සමග අද (24) මාළු වෙළෙද සංකීර්ණය වසා දැමිමට ව්‍යාපාරිකයෝ කටයුතු කලහ.
මෙම වෙලද සංකීරණයේ 39 දෙනෙකුගෙන් ලබාගත් ජෛව සාම්පල්වල ප්‍රතිඵල අනුව ඉන් හය දෙනෙකු කොවිඩ් 19 ආසාදිතයන් බවට හදුනාගැනිමට හැකිවිය .
වසාදැමු මධ්‍යම මාළු වෙළෙද සංකීර්ණය අපට ගැවසිමෙන් ජනතාව වැළකි සිටියේය.
හදුනාගත් ආසාදිතයන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට අයත් පුල්මුඩේ හා ත්‍රිකුණාමල නගරය අවට, සුමේගම පදිංචිකරුවෝ වෙති

