ත්‍රිවිධ හමුදාව මහා විනාශයක් වලක්වයි.


කිලිනොච්චි පොදු වෙළඳපලේ කඩ 50ත් 100 ත් අතර ප්‍රමාණයක් අද (17) ගිනිගෙන දැවුණු බවත් ගින්න නිවා දැමීමට ත්‍රිවිධ හමුදාව හා පොලිසිය විපතට පත් වූවන්ට සහය වු බවත් ප්‍රදේශවාසීහු පවසයි.

ත්‍රිවිධ හමුදාව ජල බවුසර් ගෙන්වා ගින්න නිවා දැමීමට සහය වී ඇත.

ගින්න විදුලි කාන්දුවකින් ඇති වී ඇතැයි සැක පළකෙරෙන අතර ගින්නෙන් සිදු වු හානිය මෙතෙක් ගණන් බලා නැත.