ත්‍රිරෝදය මස් කර විකුණන්න ගිය පී.සී මාට්ටු


(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ තුසිත කුමාර ද සිල්වා)

පැහැරගත් තීරෝද රථයක් කොටස් කර විකිණීම සඳහා පයාගලට රැගෙන ආ පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

අත්අඩංගුවට ගත් කොස්තාපල්වරයා පොලිස් හදිසි ඇමතුම් ඒකකයට අනුයුක්ත පොලිස් කොස්තාපල් රියදුරකු ලෙස සේවය කරන අයකු බවත් පොලිසිය කියයි.

කොටස් කර විකිණීම සඳහා ත්‍රීරෝද රථයක් රැගෙන එන බවට කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක පි .ආර්. වීරසේන මහතාට තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් නිළධාරියෙක් පැවසීය.

සැකකරු ගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී ලබාගන්නා වැටුප ණය ගෙවීම සඳහා වැය වූ පසු රුපියල් පන්දහසක් පමණක් ඉතිරි වන බවත් ඒ හේතුවෙන් මිතුරන් පිරිසක් සමග සොරකම සඳහා යොමු වූ බවත් වැඩිදුරටත් වැඩිදුරටත් ප්‍රකාශ කළ බව පොලිසිය කියයි.