ත්‍රිකුනාමල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආරියපාල වල්පිටගම මහතා කොළඹ නාරාහම්පිට පෞද්ගලික රෝහලකදී අභාවප්ප්‍රාප්ත විය.
1997 අගෝස්තුවේදී එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඔහු පසුව රජයට එක් විය. 2000 දක්වා පාර්ලිමේන්තුව නියෝජනය කළ ඔහු සේරුවිල ආසනයේ සංවිධානය සංවිධායකද විය.
දේහය නුගේගොඩ ජයපාර නඩුකාර වත්තේ අංක 92/8 දරණ නිවසේ තැන්පත් කර ඇත. අවසන්කටයුතු බොරැල්ල කනත්තේදී බදාදා (24) සවස 5ට සිදු කිරීමට නියමිතය.