ත්‍රිමල තේරු මංගල්‍යයට මහ සෙනඟක්


ත්‍රිකුණාමල නගරයේ කාලි කෝවිලේ තේරු මංගල්‍යය ලක්ෂ සංඛ්‍යාත හින්දු බැතිමතුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.

පිටරටවල සිටින උතුරු නැගෙනහිර වැසියෝ විශාල පිරිසක් ද ඒ අතර වූහ.

ත්‍රිකුණාමල ෆ්‍රෙඩ්රික් බලකොටුව අසළ මුහුදේ සිය කැපීමෙන් උත්සවය හමාර විය.

දෙවියන් නැහැවූ ජලය නෑමෙන් සියලු ලෙඩ රෝග හා අපල උපද්‍රව දුරුවෙතියි හින්දූහු විශ්වාස කරති.

ෆ්‍රෙඩ්රික් කොටුව අසළ දිය කැපූ ස්ථානයේ නෑමට ලක්ෂයකට වැඩි පිරිසක් එන්නට ඇතැයි කියති.