ත්‍රිකුණාමල මාණික්ඛ වාසගර් පාරේ දෙමළ ගුරුවරයකුගේ නිවෙසේ දොරකොඩ අසළ පරණ මිනිස් හිස්කබලක් සමග ලිපියක් ද තබා තුබූ බව ත්‍රිකුණාමල පොලීසිය කියයි.
ශිෂ්‍යයකුට නොගැලපෙන අන්දමින් කොණ්ඩය සකසාගෙන පාසල් එන සිසුනට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම නිසා මේ හිස්කබල තබන්නට ඇතැයි පොලීසිය සැක කරයි.
හිස් කබල ළඟ දෙමළෙන් ලියා තිබූ ලිපියේ සඳහන් වන්නේ සිසුන්ගේ කොණ්ඩය සම්බන්ධයෙන් පාසලේදී කිසිවක් නොකරනු යනුවෙනි.