ත්‍රිපෝෂ සමාගමට නව සභාපතිවරයෙක්


(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගමේ නව සභාපතිවරයා ලෙස අමල් නිරෝෂණ අත්තනායක මහතා පත් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

ඊට අදාල පත්වීම් ලිපිය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් අමල් නිරෝෂණ අත්තනායක මහතා වෙත ලබාදීම අද (13) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය.

වසර 25 කට අධික කාලයක් පුරා දේශීය හා ජාත්‍යන්තර ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉහළ පළපුරුදක් සහිත අමල් නිරෝෂණ අත්තනායක මහතා මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. පාසල් වියේ දී ජනාධිපති බාල දක්ෂයෙකු ලෙස කටයුතු කර ඇති ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී ගෞරව උපාධිධාරියෙකි.

දේශීය මෙන්ම වි‌දේශීය වෙළෙද සන්නාම රැසක නිර්මාණකරු වන අත්තනායක මහතා දකුණු ආසියාවේ මෙන් ම මෙරට ජාත්‍යන්තර ප්‍රදර්ශන කිහිපයක් මෙහෙයවීම සහ කළමණාකරණය සිදු කර ඇත.