ත්‍රිත්ව ඝාතන සැකකරුගෙ හවුල් ගිණුම් තහනමට සැරැසෙයි


රත්මලාන ගොළුමඩමේදී බිරිය හා දරු දෙදෙනා මරා දැමූ බව කියන ඇඟළුම් කම්හල් විධායක මදුර මනරංග ද සිල්වා සිය බිරිය සචේතනා සමග පත්වාගෙන ගිය බැංකු දෙකක ගිණුම් අත්හිටුවන්නැයි පැමිණිල්ලේ නීතීඥවරයා කළ ඉල්ලීම අනුව තොරතුරු සපයා ඉදිරිපත් කරන්නැයි ගල්කිස්ස මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රණාන්දු මහත්මිය පොලීසියට නියෝග කළාය.

නඩුවේ මූලික සාක්කි විභාගය අද අවසන් විය. නඩු භාණ්ඩ පිළිබඳ ඩීඑන්ඒ ජාන හා රසපරීක්ෂක වාර්තා ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

සැකකරු යළි ලබන 30 වැනිදා තෙක් රිමාන්ඩ් කරණු ලැබීය.