රත්මලාන ගොළු මඩම ත්‍රිත්ව ඝාතනයේ සැකකරුගේ බිරියගේ බැංකු ගිණුමක් අත්අහිටුවන ලෙස ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය අද නියෝග කළාය.
මහේස්ත්‍රාත්වරිය එම නියෝගල කළේ පොලීසිය කළ ඉල්ලීමක් සලකා බලමිනි.
සචේතනා සඳමාලි බිරියගේ සහ දරු දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අද අධිකරණයේදී ප්‍රකශයට පත් කැරිණි.
ඒ අනුව සචේතනා සඳමාලි, අතින් ගෙල සිර කිරීමෙන්ද, ඇගේ පුත් කුෂාන් සඳරු ගෙල මත සිදුකළ තෙරපුමකින්ද, බාල පුත් ඒෂාන් භානුක පිළිස්සීම නිසා ඇතිවූ ක්ෂණික සංකූලතාවයකින්ද මරණය සිදුව ඇතැයි කියැවිණි.
ඇඟළුම් කම්හල් විධායක විජයමුනි මධුරංග ද සිල්වා පෙබරවාරි 13 දක්වා නැවත රිමාන්ඩ් කැරිණි.