පාකිස්තාන ව්‍යාපාරික සහ කර්මාන්ත ප්‍රදර්ශනය මේ මස 15 සිට 17 දක්වා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රන ශාලාවේ දී පැවැත් වෙන බව පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ් සහ ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරු (5) අරලියගහ මන්දිරයේ දී නිල වශයෙන් නිවේදනය කළහ.
එහි දී එම වෙළඳ ප්‍රදර්ශනයේ නිල ලාංඡනය ද අගමැති දෙපළ හඳුන්වා දුන්හ.
පාකිස්තාන ව්‍යාපාරික ආයතන 110 ක් පමණ සහභාගී වන එම ප්‍රදර්ශනයට එරට ඉංජිනේරු මෝටර් රථ, කෘෂි කාර්මික නිෂ්පාදන, ඖෂධ නිෂ්පාදන, ආභරණ, දැව නිෂ්පාදන ඇතුළු වෙළඳ කුටි 400 ක් පමණ ඇතුලත් වේ.
නවාස් ෂරීෆ් මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෛත‍්‍රීපාල සිරිසේන ජනපති හමුවී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීය. පකිස්ථානය හා ශ්‍රී ලංකාව අතර දේශපාලන, ආර්ථික,වෙළඳ හා සංස්කෘතික කරුණු ගැන දෙරටේ රාජ්‍ය නායකයින් කරුණු සාකච්ඡා කළේය. පකිස්තානය හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශවික සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණෙන් සිදු කරන පකිස්ථාන අගමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය අතරවාරයේදී දෙරට අතර ගිවිසුම් අටකට අත්සන් තැබීය. ද්විපාර්ශවික සහයෝගීතාව වර්ධනය කරලීම, තාක්ෂණික සහ විද්‍යාත්මක සහයෝගීතාව මෙන්ම ත්‍රස්තවාදී කණ්ඩායම් වල අරමුදල් රැස් කිරීම් වළක්වාලීම එම ගිවිසුම් අතරවන බැව් වාර්තාවේ.
එදිනම පකිස්ථාන අගමැතිවරයා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා හමුවී දෙරටට වැදගත් වන කරුණු සම්බන්ධයෙන් ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීය.





