‘හිටපු ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතාට 1977 දී, විධායක ජනාධිපති ක‍්‍රමය රට ඉදිරියේ තබන්නට සිදුවුයේ සිරිමාවෝ බණ්ඩාරනායක හිටපු අගමැතිනිය සමගි පෙරමුණ ආණ්ඩුවේ සිටි වාමාංශිකයන් යැයි කියාගත්ත සමාජවාදය, සර්ව සාධාරණත්වය සහ සමානාත්මතාවය පිළිබඳව කතා කළ විද්වත් ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මහතා හැදු 1972 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව නිසා’ යැයි ඕස්ටේ‍්‍රලියාවේ සංචාරයක යෙදී සිටින එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ළිමේන්තු මන්ත‍්‍රී නීතීඥ විජයදාස රාජපක්‍ෂ මහතා එසැණ සමඟ කළ සම්මුඛ සාකච්ජාවකදී පැවසීය.
‘එදා සමගි පෙරමුණ රජයේ 1972 ව්‍යවස්ථාව හේතුවෙන් සොල්බරි ව්‍යවස්ථාවේ 29 වැනි වගන්තිය අහෝසි කිරීමෙන් සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් අහිමිවීම හේතුවෙන්, අමිර්ත ලිංගම්ගේ නායකත්වයෙන් වඩුක්කොඩෙයි සම්මේලනය පවත්වා දෙමළ ජනතාවට වෙනම රාජ්‍යක් ඇතිකිරීමට පාර එළි කැර දුන් නිසා යැයිද වේලුපිල්ලේ ප්‍රභාකරන් හටද එය හොඳ අවස්ථාවක් වී යැයි රාජපක්ෂ මහතා කීවේය.
තවද එම ව්‍යවස්ථාවෙන් ශ‍්‍රී ලංකාවේ අධිකරණසේවා, රාජ්‍යය සේවා යන කොමිෂන් සභාවන් අහෝසිකැර ඇමැති මණ්ඩලයට ඒකාධිපතිව හැසිරෙන්නට ආණ්ඩුක‍්‍රමයෙන් බලතල දුන් බවද පැවසූ ඒ මහතා, ජේ ආර් ජයවර්ධන මහතාගේ විධායක ජනාධිපති ක‍්‍රම ව්‍යවස්ථාවද දෝෂ දර්ශනයට ලක් කළේය.
ජේ ආර් ව්‍යවස්ථාව ජනතාවට නරක සහ භයානක ප‍්‍රතිපල ගෙන දෙන්නක් බවද ඔහු කීවේය.
ආර් ප්‍රේමදාස ජනාධිපතිවරයාත්, චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියත් වත්මන් ජනාධිපතිවරයාත් මෙම ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන බවටත් ව්‍යවස්ථාදායකයට වගකියන තනතුරක් ඇතිකොට ප‍්‍රජාතන්ත‍්‍රවාදිව රට පාලනය කරන බවටත්, ජනතාවට පොරොන්දු දීමෙන් යැයිද ඔහු කීවේය.
වත්මන් එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මැතිවරණයන් වලට ඉදිරිපත්වීමට පෙර, ජනතාවට එජාප ව්‍යවස්ථා කෙටුම් පතක් ඉදිරිපත් කිරීමත්, එය අනුව, යෝජනාවලියක්ද ඉදිරිපත්කර, ජනතා අදහස් විමසා , එය සංවාදයකට යොමුකොට, නව ව්‍යවස්ථාව ජනතාව අතරට පළමුව පත්කිරීම ප‍්‍රධානම අරමුණ බව පැවසූ රාජපක්‍ෂ මහතා, කෝට්ටේ මාදුළුවාවේ සෝභිත හිමියන් පසුගියදා ඉදිරිපත්කළ යෝජනාවලියේ දැනට පවතින ව්‍යවස්ථාවටම ඉදිරිපත්කළ කුඩා කොටසක් පමණක් බවත්, එජාප නව ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම අලුත් ව්‍යවස්ථාවක් බවත්, එයට සෝභිත හිමියන් එකඟතාවය පළකල බවත් රාජපක්ෂ මහතා සඳහන් කළේය.
එම මහතාගේ මෙම සංචාරය සංවිධානය කර ඇත්තේ එජාප මෙල්බර්න් ශාඛාවය, එහි සභාපති සිරිල් ධර්මවර්ධන, ලේකම් නාලක නවගත්තේගම සහ භාණ්ඩාගාරික සුනිල් සොයිසා යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් මෙනෑෂ් සරසවි ශ‍්‍රවණාගාරයේ මෙම නව ව්‍යවස්ථාව පිළිබඳව විශේෂ දේශනයද පැවැත්විණි.