පැරිස් ත්‍රස්ත ප්‍රහාර තමාව පුදුමයටත්,කම්පනයටත් පත්කළ සිදුවීමක් බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රංශ ජනපති ෆ්‍රන්සුවා ඔලොන්ද් වෙත ශෝක පණිවුඩයක් යවමින් ප්‍රකාශ කර තිබේ.
ත්‍රස්තවාදයේ කුරිරුකම් දන්නේ එය අත්විඳි පුද්ගලයින් පමණක් බවත් අද ප්‍රංශයේ ජනතාව මුහුණදී සිටින තත්ත්වය ශ්‍රීලංකා ජනතාවට හොඳින්ම තේරුම්ගත හැකි බවත් ඔහු එහි සඳහන් කර ඇත.
දශක තුනක් තිස්සේ ශ්‍රීලංකාවට බැටදුන් ත්‍රස්ත උවදුර දැඩිව මර්දනය කිරීමට තමන් ඇතුළු රජය කටයුතු කළේ ත්‍රස්තවාදයට හිස ඉසවීමට කිසිඳු ඉඩක් නොතැබිය යුතු නිසාවෙන් බවත් එනිසාම අද දිනයේ ශ්‍රීලංකාව සාමය අත්විඳින බවත් ඔහු කියා තිබේ.
දුකට පත් ප්‍රංශ ජනතාවට තම ශෝකය ප්‍රකාශ කරන අතරම ප්‍රංශයේ ත්‍රස්ත ප්‍රහාරය, ත්‍රස්තවාදයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග වලට එළැඹිය යුතුව ඇතැයි ලෝක ප්‍රජාවට පෙන්වා දෙන්නක් බව හිටපු ජනපතිවරයා තම ලිපියේ සඳහන් කර ඇත.

