ත්‍රස්තයා කොටුකරන හැටි මෝදි කියයි


ඉන්දියාවේ ගෝවේ නුවරදී පැවැත්වෙන 8 වැනි බ්‍රික්ස් සමුළුවට සහභාගීවීම සඳහා ආරාධිතයකු ලෙස ගිය මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ලංකා ජනාධිපති ගෝවේ දී නරේන්ද්‍ර මෝදි ඉන්දියා අගමැති අද (16) හමුවිය.

බ්‍රික්ස් යනු බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය හා දකුණු අප්‍රිකා රටවල සමුළුවකි. 

බෙංගාල බොක්කේ බහුවිධ තාක්ෂණ හා ආර්ථික සහයෝගීතා ශක්තියෙන් (බ්‍රිම්ස්ටෙක්) රටවල් ද මේ සමුළුවට ඇරියුම් ලබා සිටිති. ඒ අනුව ශ්‍රී ලංකාව, බංගලිදේශය, මියන්මාරය, නේපාලය හා තායිලන්තය ද බ්‍රික්ස් සමුළුවට ඇරයුම් ලැබීය.

ජනපති සිය ට්විටර් සටහනේ ලියා ඇත්තේ ඉන්දියා අසල්වැසියා හමුවිම සතුටක් බවයි. ඔහු සමග කලාපයේ සංවර්ධනය ගැන සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන බව ද ජනාධිපති කියා ඇත.

ඉන්දියා අගමැති ගෝවේ නුවරදී පැවසූයේ ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් තෝරාගත් පිළිවෙතක් අනුගමනය කිරීම නිෂ්ඵල බවයි. 

බ්‍රසීල ජනාධිපති මිචෙල් ටර්නර්, දකුණු අප්‍රිකා ජනපති ජේකොබ් සූමා, රුසියා ජනපති වැලැද්මීර් පූටින්, චීන ජනපති ෂී ජින් පින් හා ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි යන නායකයන් අද බ්‍රික්ස් සමුළුවේ දී  ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කිරීමට නියමිතය. බ්‍රික්ස් ව්‍යාපාර කමිටුව අමතමින් ඉන්දියා අගමැති මෝදි කියා සිටියේ ලොව වඩාත්ම විවෘත ආර්ථිකයක් ඇති රට ඉන්දියාව බවයි.

බ්‍රිම්ස්ටෙක් රටවල නායකයන් අද හමුවන මෝදි ශ්‍රී ලංකා ජනපති මෛත්‍රිපාල සිරිසේන හමුවිය. මෝදි රුසියා ජනපති හා චීන ජනපති පෙර දිනයේ හමුවිය. මුල්දින හමුවීමෙන් පසු මෝදි රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පැවැත්වීය. ඉන්දියාව හා රුසියාව ගිවිසුම් 17ක් ද අත්සන් කළ බව ඉන්දියාව කියයි. 

ජගත් නායකයන්ගේ පැමිණීමත් සමග ගෝවේ දෙනොලින් සංචාරක පුරය ආරක්ෂක බළකොටුවක් වී ඇත. බ්‍රිම්ස්ටෙක් 1997 දී ඇරැඹිණි.

හමුදා භටයෝ ද වෙරළාරක්ෂක භටයෝ ද පොලිසිය ද දහස් ගණනක් ආරක්ෂක සාමාජිකයෝ දෙනොලින් වෙරළබඩ සංචාරක පුරයේ ආරක්ෂාවට කැඳවනු ලැබ සිටිති. ඊට අමතරව පුපුරන ද්‍රව්‍ය ඉව ඇල්ලීමට පුහුණු කළ පොලිස් බල්ලෝ ද බිම් බෝම්බ සෙවුම් යන්ත්‍ර ද හමුදා හා පොලිස් සාමාජිකයන් අත ඇත.

ලොව ජනගහණයෙන් භාගයක් පමණ බ්‍රික්ස් රටවල් පහට අයත් වේ. ලොව ආර්ථිකයෙන් කාලක් පමණ මෙම රටවලට අයත්වේ. ඒකාබද්ධ දළ දේශීය නිෂ්පාදනය ඇමරිකා ඩොලර් මිලියන 16.6කි. 

1 3wevmodi-leaders-brics