ත්‍රස්ත පනත ඉවත් නොකළොත් ජී.එස්.පී නෑ


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රජය කුමක් කිව්වත් ආණ්ඩුව ප්‍රතිත්‍රස්ත පනත ඉවත් කර ගත්තේ නැතිනම් ලංකාවට කිසිසේත්ම ජීඑස්පී ප්ලස් සහනය නැවත ලබන්නේ නැතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

යුරෝපා සංගමය විසින් ලබාදී තිබෙන ජී.එස්.පී සහනය මේ වන විට අවසන් වී තිබෙන අතර ලංකාව ඇතුළු  ආසියාවේ රටවල් හයකට නැවතත් අයදුම්පතක් ඉදිරිපත් කළ යුතුව තිබෙන්නේ යැයිද හර්ෂ ද සිල්වා මහතා කීය.

2024 සිට 2033 දක්වා නැවත ජී.එස්.පී ලබාදෙන රටවල් පිළිබඳව යුරෝපා සංගමය තීරණයක් ගන්නා බවද ඒ සඳහා යුරෝපා සංගමයේ සම්මුති විසිහතක් තිබෙන බවද හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේය.