ත්‍රස්ත පනත ඉරා දාන කෙටුම්පත අද හෙටම මැති සබයට


(සුජිත් හේවාජුලිගේ)

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කිරීමේ පනත් කෙටුම්පත එන සතියේදී සකස් කර අවසන් කෙරෙනු ඇතැයි අධිකරණ සහ  ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා  ලංකාදීපයට පැවසීය.

එම පනත් කෙටුම්පත ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීම ජාතික ජන බලවේගය  ජනතාවට  දුන් මැතිවරණ පොරොන්දුවකි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ශ්‍රී ලංකාවේ අඛණ්ඩව භාවිත කිරීම පිළිබඳ කණස්සල්ලට පත්ව සිටින යුරෝපා සංගමය (EU) ඉකුත්දා  ප්‍රකාශ කළේය.

මෙම පනත මෙම මාසයේදී  අහෝසි කරන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතාද ඉකුත්දා  පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට අධිකරණ අමාත්‍යවරයා විසින් විශේෂ කමිටුවක්ද පත් කෙරුණු අතර එම කමිටුවේ වාර්තාවද  රජයට ලැබී ඇත.