තහනමින් මිදුනු චින්තනගෙන් නව ශී‍්‍ර ලංකා වාර්තාවක්


වසර දෙකක තරග තහනමකට ලක්ව සිටි පොදුරාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙලේ රන් පදක්කම් ලාභී බර ඉසිලීමේ කී‍්‍රඩක, චින්තන ගීතාල් විදානගේ සිය තහනම් කාලය නිමාවීමෙන් පසු සහභාගි වූ පළමු තරගාවලියේදීම නව ශී‍්‍ර ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත් විය. අද (16 වැනිදා) පැවති උතුරු මැද පළාත් කී‍්‍රඩා උළෙලේ බර ඉසිලීමේ තරගාවලියේදී නව ශ්‍රී ලංකා වාර්තාවක් තැබීමට චින්තන සමත් විය.

අනුරාධපුර මහජන කී‍්‍රඩාංගණයේදී පැවති මෙම බර ඉසිලීමේ තරගාවලියේදී කිලෝග‍්‍රෑම් 85 බර පන්තිය යටතේ තරග කළ චින්තන, ස්නැච් ක‍්‍රමයට කිලෝග‍්‍රෑම් 128 ක් බරක් ඔසවමින් නව ශ්‍රී ලංකා වාර්තාව තැබුවේ ඊට පෙර රන්සිඑ ජයතිලක විසින් ස්නැච් ක‍්‍රමයට කිලෝග‍්‍රෑම් 127 ක බරක් ඔසවමින් තබා තිබූ ශ්‍රී ලංකා වාර්තාව බිඳ දමමිනි.

 

 

(ඡයාරූප: අතුල බණ්ඩාර)