අනියම් සබඳතා පැවැත්වූයේ යැයි වැරදකාරිය වූ ශ‍්‍රී ලාංකික ගෘහ සේවිකාවක ගල් ගසා මරා දැමීමට සෞදි අධිකරණයක් නියෝග කර ඇතැයි සෞදියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.
ඇය මරදානේ පදිංචිව සිටි කාන්තාවක බව එම ආරංචි සඳහන් කරයි. එරට පවතින ෂරියා නීතිය යටතේ දඬුවම් පමුණුවා තිබේ.
සෞදියේ සේවය කරන තවත් ශ‍්‍රී ලාංකිකයකු සමඟ ඇය අනියම් ඇසුර පවත්වා ඇති බවත්, එම තරුණයාට ද සෞදි අධිකරණය විසින් කස පහර 100 ක් නියම කර ඇති බවත් කියති.
තමන්ට එරෙහි චෝදනාව සම්බන්ධයෙන් අදාළ කාන්තාව අධිකරණයේ දී වරද පිළිගෙන ඇතැයි වාර්තා වේ.
කෙසේ වෙතත් ඇයට පනවා ඇති දඬුවම ලිහිල් කරන ලෙස ඉල්ලා අභියාචනයක් ගොනු කිරීමට හැකි ඉක්මණින් පියවර ගන්නා ලෙසට විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සෞදියේ රියාද් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට මේ වන විටත් උපදෙස් දී ඇත.

