තහනම් ගහේ ගෙඩි කාලා


කුවේට් රාජ්‍යයේ නිවෙසක ශ්‍රී ලංකා ගෘහ සේවිකාව අල්ලපු ගෙදර ඉන්දියා ජාතික රියදුරා සමග අනියම් සබඳතාවක් පැවැත්වීයැයි කුවේට් වැසියකු පොලීසියට කළ පැමිණිල්ලක් අනුව දෙදෙනාම අත්අඩංගුවට ගනු ලැබූහ. තමා ඉන්දියා ජාතික රියදුරා සමග අඹුසැමියන් ලෙස හැසිරුණු බව තිදරු මවක වන එම කාන්තාව පිළිගෙන ඇත. දෙදෙනාට විරුද්ධව නඩු පැවරීමට යන බව ඇරැම් ටයිම්ස් පුවත්පත කියයි.