ඉන්දියාවේ සිට මෙරට මුස්ලිම් ආගමික නායකයෙකු ගෙන්වීමට බාධා කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවන ලදැයි සඳහන් කරමින් ඊට වන්දි ලෙස රුපියල් ලක්ෂ 50 ක මුදලක් ලබා දෙන ලෙස ඉල්ලා මුස්ලිම් ආගමික සංවිධානයක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම මාර්තු 15 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(15) දින නියම කළේය.
මෙම පෙත්සම් අගවිනිසුරු කේ.ශ්‍රී පවන්, බුවනෙක අළුවිහාරේ සහ අනිල් ගුණරත්න මහත්වරුන්ගෙන් සමන්විත ති‍්‍රපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවන ලදී.
තවුෆික් ජමාත් සංවිධානයේ සභාපති සහ ලේකම්වරයා විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ආරක්ෂක ලේකම්, ආගමන විගමන පාලක, නීතිපති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
ශුද්ධවූ කුරානයේ සිංහල පරිවර්තනයක් එලි දැක්වීමේ උළෙලක් පසුගිය වසරේ නොවැම්බර් 8 වැනිදා සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාංගනයේ පැවැත්වීමට කටයුතු යොදා තිබූ බවත්, එම උත්සවයට ඉන්දියාවේ තමිල්නාඩුවේ ආගමික නායකයින් වන හනීෆා මොහොමඞ් යූසුෆ් තවුෆික් සහ ඇතුළු තිදෙනෙකු ගෙන්වීමට සූදානම් කොට තිබියදී ආරක්ෂක ලේකම්වරයා ඔවුන්ට වීසා නිකුත් කිරීම අවලංගු කරන ලෙස ආගමන විගමන පාලකයින්ට දැනුම් දුන් බව සඳහන් වේ.

