තවත් හොර අලි පැටවුන් 11 ක්


හොරට ලියාපදිංචි කළ තවත් අලි ඇතුන් 11 දෙනකු පිළිබඳ තොරතුරු වනජීවී දෙපාර්තමේන්තුවට ලැබී ඇත.

එම පැටවුන් සිටින තැන සොයාගෙන ඇතැයිද දෙපාර්තමේන්තුව කියයි. දෙපාර්තමේන්තුව දැනටම මේ ගැන අධිකරණයට කරුණු දක්වා ඇත. මීට හවුල් යැයි කියන පුද්ගලයා අලි ඇතුන් 66 දෙනකු හොරට ලියාපදිංචි කළ අයකු බවත් ඔහු දැනට අත් අඩංගුවට ගෙන සිටින බවත් දෙපාර්තමේන්තුවේ සේවය කළ නිලධරයකු බවත් උසාවියට ඉදිරිපත් කළ වාර්තාවේ දැක්වේ.