( සුමිත් පොතුපිටිය , උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම සහ ගයාන් සුරියආරච්චි)
නීති විරෝධීව වාහන එකලස් කරන ලද ස්ථාන තුනක් වටලා රුපියල් කෝටි හතකට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී වහන පහක් භාරයට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය සමත්ව ඇත.
රත්නපුර, කලවාන ප්‍රදේශයේ නීති විරෝධී අන්දමින් වාහන එකලස් කර කූඨ ලේඛන සුඛෝපභෝගී වාහන අලෙවි කරන බවට ලද තොරතුරක් මත පොලිස් කණ්ඩායම් දෙකක් වැටලීම කර වාහන කලවාන පොලිසියට ඉදිරිපත් කර තිබේ .
එම වාහන වල චැසි අංක සහ එන්ජින් අංක ව්‍යාජ ලෙස කොටා වෙනස් කර ඇති බවත්, කූඨ ලේඛන සකසා ලියකියවිලි වෙනස් කට ඇති බවත් පොලිසිය කීය.
ප්‍රධාන සැකකරු පොලිස් අත්අඩංගුවට ගැනීමට ප්‍රශ්න කිරීමේදී ක්ලාන්ත ගතියෙන් බිම ඇදවැටී රත්නපුර රෝහලට ඇතුලත් ඇති බවද පොලිසිය සදහන් කරයි.
මෙසේ වාහන නීති විරෝධී අන්දමින් එකලස් කිරීමෙන් රජයට විශාල පාඩුවක් සිදුවන බැවින් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ මෙම මෙහෙයුම් සිදුකරන බව වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය සදහන් කරයි.