තවත් ලාංකිකයෝ 148ක් ඊශ්‍රායල් රැකියා වලට


(අංජුල මහික වීරරත්න)

ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ ක්‍රියාත්මක වන රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් 148 දෙනකු අද පිටත්ව යාමට නියමිත බව විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි.

මෙම පිරිසත් සමගින් ඊශ්‍රායලයේ ප්‍රතිසංස්කරණ උප ක්ෂේත්‍රයට අදාලව ශ්‍රී ලාංකික තරුණයින් 413 දෙනෙකු සඳහා රැකියා අවස්ථා හිමිවී තිබේ.

ඊශ්‍රායලයේ සාත්තු සේවා, ඉදිකිරීම් හා හෝටල් හා අවන්හල් යන ක්ෂේත්‍රවලට අදාළ රැකියා අවස්ථා ශ්‍රි ලාංකිකයින්ට විවෘත වී ඇති අතර, එම රැකියා සඳහා යොමුවීමට ලාංකික තරුණ තරුණියන්ගේ වැඩි උනන්දුවක් ඇතිවී තිබෙන බව කාර්යාංශය සඳහන්