වසර 15 ක කාලයක් සෞදි අරාබියේ වහල් සේවයේ යෙදෙමින් කිසිදු වැටුපක් නොලද ශ්‍රී ලාංකික කතකට සෞදි රියාල් 52000(ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 18) හිග වැටුප් ලෙස ලබාදී ශ්‍රී ලංකාවට යැවීමට පියවර ගත බව රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු සුභසාධන නිලධාරි රොෂාන් ගුණවර්ධන මහතා පවසයි
2012 වසරේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලැබුණු පැමිණිල්ලක් මත තානාපති කාර්යාල එවකට කම්කරු සුබසාධන නිලධාරි මුතුමාල මහතාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මකවූ මෙම කාන්තාව පිළිබද මෙහෙයුම මේ වන විට යතාර්ථයක් බවට පත්වුයේ රියාද් තානාපති කාර්යාලයේ රොෂාන් ගුණවර්ධන මහතා සහ නිලධාරීන්ගේ උත්සාහය නිසා යැයි නිලධරයෝ කියති.
වසර 15 ක් පුරාවට කිසිදු වැටුපක් සහ නිවාඩුවක් නොලබා මෙසේ හිග වැටුප් ලබා ලංකාවට යාම සදහා වාසනාව හිමිවුයේ නොච්චියාගම පදිංචිව සිට සෞදි අරාබියේ රියාද් සිට කිලෝමීටර් 1600 දුරක සෞදි නිවසක රැකියාව කළ ආර් ප්‍රේමාවතී මහත්මියයි.
ප්‍රේමාවතී පිළිබද කාර්යාංශයට ලද තොරතුරු මත සෞදි ආරක්ෂක අංශ සහ සෞදි විදේශ අමාත්‍යාංශය සමග කරන ලද සමීක්ෂණ මගින් හෙළිවුයේ මෙම කාන්තාව ආරක්ෂක අංශයේ නිලධාරියෙකුගේ නිවසෙහි සේවය කරන බවකි. එකල කම්කරු නිලධාරින් ලෙස සේවය කළ මුතුමාල මහතා සහ මොහොමඩ් මහතා ඇතුළු නිලධාරින් විශේෂ මෙහෙයුමක් කළද ආරක්ෂක නිලධාරියකුගේ නිවසට ගොස් කාන්තාව තානාපති කාර්යාල භාරයට ගැනීම ඇති දුෂ්කර කාර්යක් බව අනාවරණය විය .
කෙසේ වුවද සෞදි රජයේ කම්කරු නීතිය හා බලපෑම් හමුවේ මෙම කාන්තාවගේ ගමන් බලපත අලුත් කර ගැනීමට ඇයගේ හාම්පුතා සමග තානාපති කාර්යාලයට පැමිණීම නිසා ඇයට ගම රට බලා යාමේ අවස්ථාව උදා විය.
තානාපති කාර්යාලයට පැමිණි ඇය වහාම තානාපති භාරයට ගත් රොෂාන් ගුණවර්ධන මහතා ඇතුළු නිලධරයෝ හාම්පුතාගෙන් ලබාගත් හිග වැටුප් සමග ඇය යු එල් 266 ශ්‍රී ලන්කන් ගුවන් යානයකින් ශ්‍රී ලංකාවට එවුහ.
විදේශ සුබසාධන ඇමතිනි තලතා අතුකෝරල මහත්මිය ඇගේ හිඟ වැටුප් ලබා දීමට මුල් වුවාය.

