
(නිමන්ති රණසිංහ)
මහර බන්ධනාගාරයේ සිදුවූ රැඳවියන්ගේ කැරැල්ලේදී තුවාල ලැබීමෙන් තවත් රැඳවියෙකු මරුමුවට පත් වී තිබේ. ඒ අනුව, ඊයේ වනවිට සිටි තුවාලකරුවන් සංඛ්‍යාව 69 සිට 105 දක්වා වැඩි වී ඇත.
තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර සිටි තවත් රැඳවියෙකු අද(01) අලුයම මිය යාම හේතුවෙන් සිද්ධියෙන් මිය ගිය සමස්ත රැඳවියන් ගණන 9ක් වී තිබේ.
ඊයෙ(30) වනවිට රැඳවියන් 8දෙනෙකු මියගොස් ඇති අතර, 69දෙනෙකු තුවාල ලබා තිබිණි.බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුත් තුවාල ලබා ඇත.
මෙම රැඳවියන් අතරින් 5දෙනෙකු මේ වනවිට සිහිමුර්ජා වී සිටින බවද රෝහල් ආරංචි මාර්ග කියාසිටී.

