ඉන්න හිටින්න තැනක් නොමැතිව ගල් ගුහාවක දිවි ගෙව් දරු පවුල වෙනුවෙන් තැනෙන නව නිවස පෙබරවාරි මස 05 වැනි දා ඔවුනට ලබා දෙන බව තිරප්පනේ ප්‍රාදෙශිය ලේකම් රෙණුකා කුමාරි හෙරත් මහත්මිය කියන්නීය.
නිවසේ මුල් අධියරේ ඉදිකිරිම් කටයුතු වෙනුවෙන් රෝමයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය මුදල් ආධාර ලබා දුන්නේය. වහලේ වෑඩකටයුතු නිම කිරිම සදහා ඉතාලියේ ශුරයන්ගෙත් ශුරයා එල්ලේ තරග සංවිධායක චින්තක චන්දන කුමාර හා 2011 ඉතාලි ශුරයා බවට පත් වු සංඛ දිනිත් මහත්වරු මුදල් ලබා ආදාර ලබා දුන්හ.
දුරකථනයෙන් එසැණ හා සම්බන්ධ වු ප්‍රාදේශිය ලෙකම්වරිය මෙසේ කිවාය.
‘මා මේ ලෝකෙට ජනිත කළ මගේ මව නැතිවුණේ පෙබරවාරි පස් වැනි දිනක. මෙයට පෙරත් මම ඒ දිනට අසරණ දරු පවුලකට නිවසක් තනා දුන්නා. මේ නිවසත් බාර දුන්නට පස්සේ පියා නැති දරුවන් පස් දෙනෙකුත් මවකුත් ඉන්න අන්ත අසරණ පවුලකට නිවසක් හදන්න මා බලාපොරොත්තු වෙනවා.
ඒ අය දැනට ඉන්නේ තිරප්පනේ කැලෑවකට මායිම්ව. ලොකු හැහැනු දරුවෙක් ඉන්නවා. ඔවුන් අනාරක්ෂිතයි. නගරයෙන් පර්චස් 20ක් වෙන්කර දෙන්න මට පුළුවන්. නිවස ඉදිකරන්න ඉතාලියේ ඉන්න අයගේ උදවු ලැබෙතියි මා බලාපොරොත්තු වෙනවා.‘