තවත් චැනල් ෆෝර්වකට ඇවිත්?


බලධරයන්ගෙන් අවසරයක් නොමැතිව කල්පිටියේ පල්ලිවාසල්තුරෙයි පෙදෙසේ පශ්චාත් යුද චිත්‍රපටයක් රූගත කරමින් සිටි විදේශිකයකු ඇතුළු සොළොස් දෙනෙක් කල්පිටි පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

බිම් බෝම්බ ඇති පෙදෙසෙක වතුරකල හිස මත තබාගෙන පරෙස්සමෙන් යන දෙමළ කතුන්ගේ ජවනිකාවක් රූගත කරමින් සිටියදී කැමරා උපකරණද සමග මේ පිරිස අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

විදේශ අමාත්‍යංශයෙන් හෝ ආරක්ෂක අමාත්‍යංශයෙන් හෝ වෙනත් ආයතනයකින් හෝ ඔවුන් අවසර ගෙන ඇතැයි දැනගන්නට නැත.

තවත් චැනල් ෆෝ වැනි චිත්‍රපටයක් නිපද වීමට ඔවුන් පැමිණියේදැයි සැකයක් පවතින බව ප්‍රදේශවාසීහු කියති.

බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාව ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසන් අධියර සම්බන්ධයෙන් ප්‍රචාරය කළ චිත්‍රපයට ශ්‍රී ලංකාව දැඩි ලෙස විරෝධය පෑවේය.