
( ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
මනුෂ්‍ය ඝාතනයකට බන්ධනාගාර ගතව සිට දින විස්සකට පෙර ඇප මත නිදහස්ව තවත් මනුෂ්‍ය ඝාතනයක් සඳහා සැලසුම් සකස් කරමින් සිටි වෙඩික්කරුවකු ඇතුළු පස් දෙනකු යතුරු පැදියක් ව්‍යාජ අංක තහඩු තුනක් ජංගම දුරකථන හතරක් සමග අද (10) දා අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාශය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රිකුණාමලය රත්මලාන වේරහැර හා අගුලාන ප්‍රදේශවල පදිංචි (18 - 33) පස්දෙනෙකු බව පොලිසිය කියයි.
ගල්කිස්ස වීරසේන සිල්වා මාවතේ මහල් නිවාස සංකීර්ණයක සැකකටයුතු කල්ලියක් රැඳී සිටින බවට බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාශයේ උප පොලිස් පරීක්ෂක බුද්ධික චතුරංග මහතාට බුද්ධි තොරතුරක් ලැබී තිබුණි.
ඒ අනුව නිලධාරි කණ්ඩායමක් ගල්කිස්ස වීරසේන මාවතේ මහල් නිවසක් පරීක්ෂා කිරීමේදී එම නිවසින් පිටතට පැමිණි පුද්ගලයකු පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 15 තිබී හමු වී තිබේ.
පසුව ඔහු අත් අඩංගුවට ගෙන රැදී සිටි නිවස පරීක්ෂා කිරීමේදී එහි තවත් පුද්ගලයින් සිව් දෙනෙකු රැඳී සිට ඇති අතර ඔවුන් සන්තකයේ තිබී ව්‍යාජ අංක තහඩු තුනක් හා ජංගම දුරකථන හතරක් බාරයට ගෙන වැඩිදුර ප්‍රශ්න කිරීමේදී සංවිධානාත්මක අපරාධකරුවකු වන බඩෝවිට අසංකගේ ප්‍රධාන ගෝලයකු වන දෙහිවල සැන්ඩ්‍රෝ නැමැත්තා තමන්ට මෙම නිවසේ රැඳී සිටින ලෙසට උපදෙස් දුන් බවත් ඒ සදහා යතුරු පැදියක අංක තහඩු වෙනස්කොට මනුෂ්‍ය ඝාතනයක් සඳහා යාමට සංඥාව ලබාදෙන තෙක් රැඳී සිටින ලෙසට උපදෙස් ලැබුනු බවත් පොලීසියට පවසා තිබේ.
ඒ අනුව සංවිධානාත්මක අපරාධ කරුවන් වන කොස්මල්ලිගේ හෝ චූවා සමන්තගේ සමීපතමයකු මෙසේ ඝාතනය කරන්නට සැලසුම් සකස් කරමින් සිට ඇති බවට පොලිසිය සැක කරයි.
පසුව සැකකරුවන්ගෙන් ලද තොරතුරකට අනුව ඝාතනය සඳහා යාමට සඟවා තිබූ යතුරු පැදිය කවුඩාන පාරේ නිවසක තිබී පොලිස් භාරයට ගත් බවත් එහි චැසි හා එන්ජින් අංක ව්‍යාජ ලෙස කොටා ඇති බවත් පැවසේ .

