මධ්‍යම කදුකරයේ නාය යෑමට ලක් වන ස්ථානයන්හි පදිංචි වැසියන් සුදුසු තැන්හි
කඩිනමින් පදිංචි කැර වීමේ අවශ්‍යතාවය ආපදා කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර මහතාට කොස්ලන්දේ මීරියබැද්දේදී අවධාරණය කළ බව ජනතා විමුක්ති පෙරමුනේ ඌව පළාත් මන්ත්‍රි සමන්ත විද්‍යාරත්න මහතා කියයි.
2005 දී 2011 දී නාය යෑමේ තර්ජන වලට ලක් වූ කඳරට වතුකරයේ වැසියන්ගේ අල්ප ආදායම සැලකිල්ලට ගෙන ක්‍රියාකිරීම නිලධරයන්ගේ වගකීම විය යුතු බව මන්ත්‍රි වරයා පවසයි.
රුපියල් 480 ක වැටුපක් ලබන අසරණයකුට ඉඩමක් පෙන්වූ පමණින් හිටි තැනින් ඉවත් විය නොහැකි බව ඔහු කියයි.
මීරයබැද්දේ සිද්ධියෙන් පාඩමක් ඉගෙන එවැනි මිනිසුන්ගේ ජීවිත අනතුරට නොහෙලා ක්‍රියා කිරීම හැමදෙනාගේම වගිකීම බවද ඔහු සදහන් කරයි.
මීරයබැද්දේ සිද්ධිය සැළවු වහාම එහි ගිය පළාත් මන්ත්‍රිවරයා ආපදා ඇමතිද සමග මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළේය. මිය ගිය වැසියන් සොයා දීම නෑදෑ හිතවතුන්ට බලවත් අස්වැසිල්ලක් වූවත් පස්කන්දේ ස්භාවය අනුව එය ලේසි පාසුවෙන් කළ නොහැකි දෙයක් බවද ඔවුහු කීහ.

