තවත් කො‍විඩ් මරණ 4 ක්


කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් සිවුදෙනකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (25) තහවුරු කළේය.

ඒ අනුව වයිරසය ආසාදනය වීම හේතුවෙන් මියගිය සමස්ත මරණ සංඛ්‍යාව 287 ක් දක්වා ඉහළ ගියේය.

බේරුවල සහ දැරණියගල ප්‍රදේශවල පදිංචි 49 සහ 43 වයස්වල පසුවන කාන්තාවන් දෙදෙනෙකුද, වරකාගොඩ සහ කොළඹ 8 ප්‍රදේශවල පදිංචි 76 සහ 71 වයස්වල පිරිමි පුද්ගලයන් දෙදෙනකුද අද මියගිය අය අතර වෙති.