තවත් කොවිඩ්-19 මරණයක්


කොරෝනා ආසාදිත තවත් රෝගීයකු අද (23) දිනයේදී මිය ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් පවසයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මිය ගිය සමස්ත රෝගීන් ගණන 184 දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනයේදී මිය ගොස් ඇත්තේ දකුණු කළුතර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 71 ක පිරිමි පුද්ගලයෙකි.